brand logo

පාර්ලිමේන්තුවට හානි සිදු කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පියවර

20 November 2018

පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වු හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවට නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි. ඒ සඳහා පාර්ලිමේන්තු ඉංජිනේරු අංශයේ විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බවයි. පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භයේ ඇතිවු කළහාකාරී සිදුවීම් සහ එම ක්‍රියාවලට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිළිබඳව පාර්ලිමේන්තු කැමරා දර්ශන උපයෝගී කරගනිමින් කථානායකවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කිරිමට ද නියමිත බවත් පවතින තත්ත්වය යථාතත්ත්වයට පත්වීමෙන් පසු ඒ පිළිබඳව කටයුතු කරන බවට ඔහු සඳහන් කරයි. එමෙන්ම පාර්ලිමේන්තු ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඒ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගන්නා බව ද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කරයි.
 

More News..