brand logo

පස් කඳුවලට යටවෙන මිනිස්සු හොයන්න සුනඛ බළකායක්

20 July 2019

නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදාවලදී පස්වලට හා ගොඩනැගිලිවලට යට වී අතුරුදන් වන පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ පුහුණුවක් ලද සුනඛයන් කමාන්ඩෝ බළකාය සමග අදාළ ප්‍රදේශවලට යැවීමට කටයුතු යොදා ඇත.

මේ අනුව කමාන්ඩෝ බළකායට ලබාගත් සුනඛයන් හය දෙනකුම මළ මිනී සෙවීම සඳහා පුහුණු කිරීමට කටයුතු යොදා ඇතැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් අනාවරණය කළේය.

ගොඩනැගිලි හා පස් කඳුවලට යටවන පුද්ගලයන් සෙවීමේ ක්‍රියාන්විතවලට යෙදවීම සඳහා මෙම සුනඛයන් දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කර ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

 

More News..