brand logo

පස් කන්දට යටවූ පවුලේ සිව්දෙනාගේම සිරුරු සොයා ගනී

05 June 2021

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම අතුරුදන් වූ එකම පවුලේ සිව් දෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. පස් කන්දට යටවී සිටි අවුරුදු 23ක් වූ දියණියගේ සිරුර පළමුවෙන් සොයා ගැණුනු අතර පසුව අනෙක් තිදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණි. එලෙස සොයා ගැණුනේ 57 හැවිරිදි පියා, 53 හැවිරිදි මව සහ 34 හැවිරිදි පුතාවය. ආරක්ෂක අංශ නිලධාරීන් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු එම නිවසේ ජීවත් වූ අඹු සැමි යුවල සහ දරුවන් දෙදෙනාගේ සිරුරු එලෙස සොයා ගැණුනි.
 

More News..