brand logo

පස් කදු කඩා වැටිම නිසා තලවාකැලේ පවුල් 19ක් ආරක්ෂිත ස්ථාන වෙතට

14 August 2019

තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් තලවාකැලේ - ලෝගි තේ වතුයායේ කම්කරු ලැයින් කාමර පේලියක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා ලැයින් කාමර 19 ක වාසය කල පවුල් 19 ට අයත් පුද්ගලයින් 89 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බව තලවාකැලේ පොලිසිය පැවසීය. ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් 13 රාත්‍රි 7.00 ට පමණ එම නිවාස පේලියට පිටු පසින් පිහිටි පස් කන්ද කඩා වැටි තිබේ. එම හේතුව නිසා අවතැන් වු පුද්ගලයන් එම වතුයායේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ හා පාසලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටිති. ඔවුන් සදහා වියලි ආහාර සැපයීමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. චන්දන ජයවීර - හැටන් dfsaga
 

More News..