brand logo

පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකටම වැසි

10 November 2018

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මේ අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ වනවා. දිවයිනට බස්නාහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩිවිය හැකියි. එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
 

More News..