brand logo

පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරුවන් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට

06 December 2019

හයිද්‍රාබාද් නුවරදී පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත. එම සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 27 හැවිරිදි පශු වෛද්‍යවරිය පසුගිය 28 වැනිදා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර සමූහ දූෂණයට ලක්ව තිබූ අතර පසුව දූෂකයින් ඇයගේ සිරුර පුළුස්සා දමා ඇත.
 

More News..