brand logo

පශ්චාත්-කොවිඩ් 19 සමයේ ව්‍යාපාර නගා සිටුවීම උදෙසා සවිබලය’ ලබා දීමට SLT Rainbowpages.lk සූදානමින්

27 July 2020

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ඩිජිටල් අලෙවිකරණ සේවා හා ව්‍යාපාර නාමාවලී තොරතුරු සේවා සපයන අනුබද්ධිත සමාගමක් වන SLT Digital Info Services (Pvt) Ltd. (SLTDS) සමාගම සතු RAINBOW PAGES (RBP) ජාතික ව්‍යාපාරික තොරතුරු නාමාවලියේ සෙවුම් පහසුකම අන්තර්ජාල මෙන්ම මුද්‍රිත අනුවාද ආශ්‍රිතවද සැලකිය යුතු තරමින් වැඩිදියුණු කර ඇති බව එම ආයතනය දැනුම් දෙයි. ගෝලීය මට්ටමේ ප්‍රකට සෙවුම් යන්ත්‍ර ප්‍රමිතීන්ටද නිසි අනුකූලතාව දක්වමින් සිදු කරන ලද මෙම තාක්‍ෂණික වැඩිදියුණු කිරීම හේතුවෙන් දිනකදී www.rainbowpages.lk වෙත පිවිසෙන ව්‍යාපාරික තොරතුරු පරිශීලකයන් පිරිස 10,000 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතරම සෑම මිනිත්තුවකදීම සෙවුම් කටයුතු 100 ක් පමණ සිදු වේ. RAINBOW PAGES හි මුද්‍රිත අනුවාදය වෙතද වැඩිදුර නිෂ්පාදන හා සේවා වර්ගීකරණයන් එක් කර ඇති අතර වෙළෙඳ දැන්වීම් නියෝජිතයන් වෙනුවෙන් අමතර වටිනාකමක් එක් කිරීමක් වශයෙන් මුද්‍රිත අනුවාදයේ පළ කරනු ලබන දැන්වීම් සියල්ලම අන්තර්ජාල අනුවාදයේ ද පළකිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ ඔවුන්ගේ විශ්වාසය වැඩි වැඩියෙන් දිනාගැනීමත්, ව්‍යාපාරික තොරතුරු වෙත ඇති ප්‍රවේශය ඉහළ යාමත් සමගින් එහි තිරසාරභාවයද බෙහෙවින් ඉහළ නැංවීමට එම සමාගම සමත් වී තිබේ.
 

More News..