brand logo

පවිත්‍රා විහාර මහා දේවී වෙන්න හදයි

03 November 2020

ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව අද (3) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබේ. පසුගියදා අමාත්‍යවරිය සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැම් අය එය උපහාසයට ගෙන සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සමබන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව පැවසීය. "මේ දිනවල මුහුණු පොතේ මං දැක්කා මං ආගමික කටයුත්තක් කරන අවස්ථාවක් ගැන විවිධ විවේචන දක්වනවා. පවිත්‍රා වන්නිආරච්චි මුහුදට බිලිවෙලා හරි මේක නැති කරන්න කියලා... ඇත්තට ම එහෙම නැති වෙනවා නම් මං ඒකටත් සුදානම්..! " කොරෝනා මර්ධනයේ දී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බව අමාත්‍යවරිය මෙහෙදී වැඩිදුරටත් කියා සිටියේය.
 

More News..