brand logo

පවතින තත්ත්වය ඉතාමත් භයානකයි

30 July 2021

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සදහන් කළේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 50කට අධිකවීම නිසා ඒ වැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.

මේ රටේ යුද්ධය පැවති සමයකවත් මෙපමණ මිනිසුන් ප්‍රමාණයක් මියගියේ නෑ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත් භයානක අවස්ථාවක්.

[caption id="attachment_159961" align="aligncenter" width="616"] රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ[/caption]
මේ වන විට හදුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවක් පවතින බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..