brand logo

පලමු වරට ඩිලන්තට රාජ්‍ය අනුග්‍රහය

27 August 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සුපිරි මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව අතර විශේෂ හමුවක් ඊයේ(26) අරලියගහ මන්දිරයේදී පැවැත්විය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද එක්ව සිටි අතර ඉතිහාසයේ පළමු වරට අවුරුදු 36කට පසු ඩිලන්ත මාලගමුවට අනුග්‍රහකත්වය ලබාදීම සඳහා වත්මන් රජය ඉදිරිපත් වී ඇත. ලබන සැප්තැම්බර් මස 5 වැනි දා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා යුරෝපයේදී පැවැත්වෙන ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ සිටි ඩිලන්තට ලක් රජයේ අනුග්‍රහය හිමි වනු ඇත. මෙහිදී අග්‍රාමාත්‍යවරයා, ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ ශුරතාව මෙරටට රැගෙන එම සඳහා ඩිලන්ත මාලගමුවට සුභ පැතුම් එක් කර ඇත.
 

More News..