brand logo

පලමු එක්දින තරගය බංගලාදේශය ජයගනී

23 May 2021

බන්ගලාදේශයේ ශාරී බන්ගලා ජාතික ක්‍රිඩාංගනයේදී අද(23) පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට මීට සුලුවේලාවකට කලින් බංගලා දේශ පිල සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැත් වූ මෙම තරගයේදී පලමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවි ලකුණු 257ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48.1දී සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 224ක් පමණි. බංගලාදේශය වෙනුවෙන් මුස්ෆිකූ රහීම් පන්දු 87කදී ලකුණු 84ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිදු හසරංග පන්දු 60කදී වේගවත් ලකුණු 74ක් රැස් කළ නමුත් මුල් පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නිසා ශ්‍රි ලංකා පිලේ ජයග්‍රහනයේ සිහිනය බොදව ගියේය. බංගලා දේශය වෙනුවෙන් මෙහිදී හසන් ලකුණු 30කට කඩුලු 4ක් ලබා ගත්තේය.
 

More News..