brand logo

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධයි - අගමැති

30 June 2019

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එහෙයින් මෙම ගැටළු පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපතිතුමා සහ කථානයකතුමා සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (30) වන දින මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භඣමියේ පැවැති ජනහමුව අමතමිනි. මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දිනයේ මොණරාගල ඔබ්බේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, දැලිව මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම, කතරගම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම, තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථානය විවෘත කිරීම, තණමල්විල ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු කෙරුණු අතර, දැලිව කොස්ගස් අරාව වැවේ සංචාරය කරමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්‍ෂණය කරන ලදී.
 

More News..