brand logo

පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 13ක හිමිකරුවන්ට නඩු

21 December 2018

මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන 13 ක හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. දින 02 ක් පුරා සිදු කරන ලද මෙහෙයුමකින් අනතුරුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත. හලාවත නගර සීමාවේ පවත්වා ගෙන යන සුපිරි වෙළද සැල්,හෝටල්,ආපන ශාලා,සිල්ලර අලවි සැල්,බේකරි ඇතුළු ස්ථාන 50 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.ඉන් ව්‍යාපාරික ස්ථාන 15 ක පමණ හිමිකරුවන්ට දැඩි ලෙස අවවාද කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.ව්‍යාපාරික ස්ථාන 10 ක පමණ තිබූ රදවා ගැනීමට නොහැකි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර දැමීමක්ද මෙහිදී සිදුවී ඇත. කල් ඉකුත් වූ භාණ්ඩ අලවිය සදහා ගබඩා කර තබා ගැනීම,මාංශ ආහාර සහ පිසින ලද ආහාර එකම ශීතකරනයේ ගබඩා කර තබා ගැනීම,පළුදු වූ සහ කුකුළු අසුචි තැවරුණු බිත්තර යොදා ගෙන කේක් නිෂ්පාදනය කිරීම,විවිධ ලේබල් රෙගුලාසි උල්ංඝනය කිරීම සහ වෛද්‍ය සහතික නොමැතිව ආහාර සකස් කිරීම සදහා සේවයකින් යොදා තිබීම යන චෝදනාවන් යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණ්‍ය හමුවේ නඩු පැවරීම සිදු කර ඇත. උත්සව සමයේ පාරිභෝගිකයාට පරිභෝජනයට සුදුසු ආහාර මිළදී ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සදහා මෙම වැටලීම් සිදු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි. පුත්තලම - ජුඩ් සමන්ත
 

More News..