brand logo

පරිප්පු මදි වෙලා පොහොට්ටුවේ මන්ත්‍රී සතොස මැනේජර්ට ගහයි (වීඩියෝ)

03 September 2021

නීතියට පිටින් පරිප්පු ගන්න ගිය මන්ත්‍රීතුමා පරිප්පු කයි

හැටන් සතොස ශාඛාවේ කළමණාකාරවරයාට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) විසින් පහර දුන් බවට කළමණාකාරවරයා විසින් සතොස ඉහළ කළමණාකාරිත්වය වෙත පැමිණිලි කර ඇත. නාගරික මන්ත්‍රිවරයා පෙරේදා(01) දින පස්වරු 2 ට පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් ඉල්ලු බවත්, එහිදි සේවකයන් විසින් තමන් වෙත සතොස ඉහළ කළමණාකාරිත්වය විසින් ලබා දි ඇති උපදෙස් අනුව එක් පරිප්පු කිලෝවක් පමණක් ලබාදිමට හැකි බව එම සතොස ශාඛාවේ සේවකයින් විසින් නාගරික මන්ත්‍රිවරයාට පවසා ඇත. එම අවස්තාවේ උරණ වු නාගරික මන්ත්‍රිවරයා සතොස ශාඛාවේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන කලහකාරි ලෙස හැසිරි පසුව එම ස්ථානයට පැමිණි එම ශාඛාවේ කළමණාකාරවරයාට බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කර ඇත. පහර දෙන අවස්තාවේ සතොස ශාඛාවේ සෙසු සේවකයින් නාගරික මන්ත්‍රිවරයා අල්ලාගෙන පසුව එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකල හැටන් පොලිස් නිලධාරියෙකුට භාර දි ඇත. සතොස ශාඛාවේ ඉහළ කළමණාකාරිත්වයේ උපදෙස් අනුව තමන්ට නාගරික මන්ත්‍රිවරයා පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරන බවද හැටන් සතොස ශාඛාවේ කළමණාකාරවරයා පැවසිය. https://youtu.be/fDMcdxiUDdc රංජිත් රාජපක්ෂ - හැටන්
 

More News..