brand logo

පරිඝනක පද්ධතියේ ප්‍රමාදය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ දිගු පෝලිම්

28 December 2018

කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සදහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා , පෙරට වඩා කාළය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. මෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබෙනවා. සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට අනෙක් වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණීමේ කාලය වී ඇති බැවින් මෙම තත්වය තවත් උග්‍ර වී තිබෙනවා. මේ තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි ලෙස වෙහෙසට පත් වී ඇති අතර , ඔවුන් සිය දෛනික රාජකාරී සදහා පැමිණීමට ද අදි මදි කරන තත්වයක් ද උදා වී ඇති බවද වාර්තා වනවා. මෙම පරිගණක සහ ස්කෑනර් යන්ත්‍ර සදහා රුපියල් කෝටි ගනනක් වැය කර ඇති බවද , එහෙත් එම යන්ත්‍ර සියල්ලම මෙම ආයතනයේ අවශ්‍යතාවයන්ට කිසිසේත් නොගැලපෙන ඒවා බවද , මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ දී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කළා ද යන සැකය මතු වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.  
 

More News..