brand logo

පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න එපා

07 August 2020

පාර්ලිමේන්තුවට නුසුදුසු යැයි ජනතාව විසින් පරාජයට පත් කළ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බව කැ‌ෆේ සංවිධානය පවසයි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම ජනවරමට පිටුපෑමක් බව කැ‌ෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කරයි. පැවති මහ මැතිවරණයේදී ජනතාවගේ බහුතර මනාපයෙන් පිරිසක් පත්කරගෙන ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රබල අපේක්ෂකයින් පරාජයට පත් කොට තිබේ. මෙයින් පැහැදිලි වන්නේ එම පුද්ගලයින් කෙරෙහි ඇති ජනතා අකමැත්ත බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවට නුසුදුසු යැයි ජනතාව විසින් ඉවත් කල පුද්ගලයින්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව ලබාදීම මෙරට දේශපාලන තුළ දක්නට ලැබෙන නොමනා සම්ප්‍රදායක් බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බව ද ඒ මහතා පවසයි.
 

More News..