brand logo

පරාජය වු හිටපු මැති ඇමතිවරු නිල නිවාස භාරදෙයි

23 August 2020

මැතිවරණයෙන් පරාජය වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඔවුන්ගේ නිල නිවාස භාර දීමට කටයුතු කර ඇත. නිල නිවාස භාරනොදුන් මැති ඇමති වරුන්ට නඩු පැවරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කල ප්‍රකාශයෙන් පසුව එම නිල නිවාස භාර දී ඇත.පාර්ලිමේන්තුව විසුරුවා තෙමසක් තුල නිල නිවාස භාරදිය යුතු උවත් එසේ කර ඇත්තේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි. එම නිසා රජයේ පිටපු මැති ඇමතිවරුන් 22කට එරෙහිව නඩු පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කර තිබුණා. අදාල දැනුම්දීම් වලින් අනතුරුව එම නිල නිවාස භාරදීමට කටයුතු කර ඇති අතර මේ වන විට නඩු පැවරීමක් නොකර ඇති අතර 8වන පාර්ලිමේන්තුවේ මැති ඇමති නිල නිවාස සියල්ල භාර දී ඇත. මේ අතර නව පාර්ලිමේන්තුවේ නිල නිවාස, මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් අනුව අදාළ නිල නිවාස ඔවුන්ට ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
 

More News..