brand logo

පරාජය කරන්න බැරි නම් දුර්වල කරන්න - ආණ්ඩුවේ අය ඉන්නේ සුරංගනා ලෝකවල

13 February 2020

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට පෙරම සියලුම කටයුතු බිම් මට්ටමින් සූදානම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමින් වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සදහා වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි. පක්ෂයේ නායකත්වය සම්බන්ධ ගැටලු ඉහළ පෙළේ පක්ෂ සාමාජිකයින් විසින් විසදා ගන්නා අතර, එතෙක් බිම් මට්ටමින් එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් මාර්ගයෙන් වත්මන් ආණ්ඩුව දුර්වල කරලීමට උද්ඝෝෂණ සහ විවිධ විරෝධතා පැවැත්වීමට සැළසුම් කර ඇති බව දිසානායක මහතා පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන යන වැඩපිළිවෙල දුර්වල කරලීමට මෙන්ම වැරදි දෙයක් සමාජයට විශේෂ කර පෙන්වීමට ද එක්සත් ජාතික පක්ෂය සැළසුම් කර ඇති බව ඔහු සදහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වීරකුමාර දිසානායක මහතා සදහන් කළේ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කිරීමට පළමුව උත්සාහ දරන අතර, එසේ නොහැකි වුවහොත් ආණ්ඩුව දුර්වල කරලීමට කටයුතු කරන බවත්, ඒ බව නොදත් ආණ්ඩුව සමහරක් මැති ඇමැතිවරුන් මේ දිනවල සුරංගනා ලෝකවල සිටින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා...... https://youtu.be/YsA9gSJTJ5w
 

More News..