brand logo

පරාජයෙන් හෙම්බත් වූ ශ්‍රී ලංකාවට මැතිව්ගෙන් බලාපොරොත්තුවක්

23 August 2018

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට මැතිව් අබේසිංහ සමත්ව තිබේ. ඒ අනුව මැතිව් සහභාගී වන අවසන් තරගය අද (23දා) පස්වරුවේ පැවැත්වීම නියමිතය. මූලික වටයේ පැවැති සිව්වැනි තරගයෙන් තෙවැනි ස්ථානයට පත්වෙමින් මැතිව් මෙම අවසන් තරග වරම් හිමිකරගත් අතර ඔහුගේ තරග නිමි කාලය තත්. 49.48 ක් වශයෙන් දැක්විණි. එම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ සෙසු ක්‍රීඩකයින්ගෙන් තෙවැනි හොඳම කාලය වාර්තා කර ඇතිතේ මැතිව් අබේසිංහ විසිනි. ඒ අනුව ඔහු කෙරෙහි පදක්කම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තත්ත්වයක් මේ වනවිට උදා වී තිබේ. බීච් වොලිබෝල් සහ බේස්බොල් පරදියි මේ අතර අද පැවැති බීච් වොලිබෝල් පිරිමි තරග අංශයේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර තරගයෙන් ලකුණු 21-12, 21-11 ලෙසින් කටාරයට ජය අත්වද්දී ඊයේ රාත්‍රියේ පැවැති කාන්තා පැසිපන්දු (3 X 3) තරගයේදී ඉන්දුනීසියාව හමුවේ ලකුණු 21-09ක් ලෙසින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
 

More News..