brand logo

පරදිනවට පඩි ගෙවන්න අවශ්‍ය නැහැ - නවසීලන්තය සමග තරගාවලියට කළින් අලුත් පුහුණුකරුවන් පත්කරන්න

30 July 2019

නවසීලන්ත පිල සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවන් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාතවරයා මෙලෙස කියා සිටියේය...., ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකරුවන්ව අපි එලවන්න ගියේ නැහැ. අපි කිව්වේ ලංකාවේ ඇමෙරිකානු ඩොලර් 40,000ක් ගෙවන පුහුණුකරුවන් ඉන්නවා නම් ලංකාවේ මුදලින් ලක්ෂ 79ක මුදලක් ගෙවන ඔ්නෑම දේක ප්‍රතිඵලයක් තියෙන්න ඔ්නේ. පරදිනවට පඩි ගෙවන්න අවශ්‍ය නැහැ. 35%ක් තරග දිනනවා නම් එයාට එච්චර පඩියක් ගෙවන්න අවශ්‍ය නැහැ. එයාටත් ක්‍රීඩකයන්ට වගේ දිනනකොට ඒ ගණන් ගෙවන්න ඔ්නේ. හතරුසිංහ මහත්මයාට අපි ගරු කරනවා, අපි ඔහුව ආරක්ෂා කරනවා. කාට වුනත් ගෙවන පඩියට හරි සාධාරණ දෙයක් ලැබිය යුතුයි. ලෝකේම ප්‍රසිද්ධ සහ හොදම ප්‍රධාන පුහුණුකරුවන් තිදෙනෙක් මේ වන විට අයදුම්පත්‍ර එවලා තියෙනවා. එකෙනුත් වැඩිම පඩිය විදිහට කෙනෙක් ඉල්ලලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් 25,00යි. ඉතිං ඩොලර් 40,000ට අපිට තව පුහුණුකරුවෙකුත් අරගෙන ක්‍රිකට් ක්‍රීඩාවට තවත් ලොකු වැඩක් කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් හරි දේ කරයි කියලා.
 

More News..