brand logo

පන්සලට දානය දුන් දායකයින්ට පන්සලෙන් දානයක්

08 June 2021

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු‌වේ අපහසුතාවට පත් සිය විහාරස්ථ සමස්ත දායක දායිකාවන් සදහා වියලි ආහාර පාර්සල් බෙදාදීමක් ඊයේ (7දා) පිළියන්දල වෑවල උද්යෝගීපුර සිරි විජයාරාම විහාරස්ථානය විසින් සිදුකරනු ලැබීය. ඒ අනුව වියළි ආහාර මලු 200ක් බෙදා දීම සිදුවිය. සිරි විජයාරාමය විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමියන්ගේ මගපෙන්වීම මත දේශීය මෙන්ම විදේශීය දානපතියන්ගේද දායකත්වයෙන් මෙම ආහාර පාර්සල් ලබාදීම සිදු වූ අතර හාල්, පොල්, පරිප්පු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය කිහිපයක්ම අඩංගු වූ එම එක් පාර්සලයක වටිනාකමට රු. 1750 පමණ විය. දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..