brand logo

පන්දු 27ට කඩුළු 5ක් දවාගත් කොදව් පන්දු යවන්නා

25 January 2019

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී අතිදක්ෂ පන්දු යැවීමක නිරතවීමට කොදෙව් කණ්ඩායමේ කෙමාර් රොච් සමත් වුණා. එංගලන්ත පළමු ඉනිමේදී රොච් විසින් දමනු ලැබූ පළමු පන්දු 27 තුළ කඩුළු 5ක් දවා ගැනීමට හැකි වුණා. ඒ අනුව පළමු ඉනිම අවසානයේදී පන්දුවාර 11ක් යොමු කරමින් ලකුණු 17ක් පමණක් ලබාදෙමින් පන්දුවාර 7ක් යැවීමට රොච් සමත් වුණා. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ රොච් විසින් කඩුළු බැගින් දවාගත් 8 වැනි අවස්ථාව මෙය වනවා. මේ අතර මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 289ක් ලබාගත්තා. එංගලන්ත කණ්ඩායමට පිළිතුරු පළමු ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 77ක් පමණයි. තරගයේ දෙවැනි දිනය වන ඊයේ දිනයේ තරගය නතර කරන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි කොදව්වන් කඩුළු 6ක් දැවී ලකුණු 127ක් රැස්කරගෙන සිටියා.
 

More News..