brand logo

පන්දුවාර විස්ස තරඟාවලියේ ජයත් දකුණු අප්‍රිකානුවන්ට

23 March 2019

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කිරීමට දකුණු අප්‍රිකානුවන් ඊයේ සමත් විය. ඒ තරග 2ට 0ක් ලෙසිනි. දෙරට අතර ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 3ක් දැවී ලකුණු 180ක් රැස්කර ගැනීමට සමත් විය. දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් හෙන්ඩ්‍රික්ස් ලකුණු 65ක් ලබාගත් අතර, වැන් ඩර් ඩසීන් ලකුණු 64ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවාගත්තේය. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 164ක් පමණියි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 48කට ලකුණු 84ක් ලබාගැනීමට සමත් විය. ඉසුරුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ. ඉසුරු පන්දුවාර විස්ස ජාත්‍යන්තර තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, පන්දුවාර විස්ස තරගයකදී ඔහු වාර්තා කළ පළමු අර්ධ ශතකය ද මෙය වේ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය 2ට 0ක් ලෙස වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත්ව තිබේ. https://youtu.be/_rxZ5q67pa4
 

More News..