brand logo

පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇෆ්ගනිස්ථානය ඉදිරියටම එයි

01 March 2019

පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ඉදිරියටම පැමිණීමට සමත්ව තිබෙනවා. පසුගියදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරග තුනම ජය ගැනීමත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට පැමිණ තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්ස ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් වන්නේ, රෂීඩ් ඛාන්, අසරතුල්ලා සසායි සහ මොහොමඩ් නබී වේ. රෂීඩ් ඛාන් - පන්දුවාර විස්ස - පන්දු යැවීමේ පළමු ස්ථානයට මොහොමඩ් නබී - පන්දුවාර විස්ස - තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ තෙවන ස්ථානයට අසරතුල්ලා සසායි - පන්දුවාර විස්ස - පිතිකරුවන්ගේ හත්වන ස්ථානයට පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අංශ තුනෙන්ම හොදම ක්‍රීඩකයින් දසදෙනා ගත් කළ සිටින්නේ එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු පමණයි. ඔහු තිසර පෙරේරා. ඒ පන්දුවාර විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේය. තිසර පෙරේරාට එම අංශයේ හිමිව තිබෙන්නේ 6 වැනි ස්ථානයයි.
 

More News..