brand logo

පන්දහසේ දීමනාව දෙන්න කෝටි 2400ක් ඕනෑ

20 April 2020

කොවිඩ් ව්‍යාප්තිය නිසා ආදායම් අහිමි වූවන්ට රුපියල් 5000 බැගින් මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන විසිහතරක (රුපියල් කෝටි 2400ක) මුදලක් වැය වන බව මහා භාණ්ඩාගාරය පවසයි. මෙම ප්‍රථිලාභීන් අතරට පසුගිය සතියේද තවත් පිරිසක් අලුතින් එක් කරන ලද අතර ඔවුන් වෙනුවෙන් මෙතෙක් තක්සේරු කරන ලද මුදලට අමතරව තවත් රුපියල් බිලියන නවයක් එක් කර ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි. රජය විසින් ආරම්භයේදී සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ දහඅටක් සඳහා රුපියල් 5000 බැගින් ආධාර ලබාදුන් අතර පසුව සමෘද්ධි ප්‍රථිලාභ බලාපොරොත්තුවෙන් ‘පොරොත්තු ලේඛනවලට’ ඇතුළත් කර සිටි තවත් පවුල් හය ලක්ෂයක්ද ඊට එක් කෙරිනි. ඒ එම පිරිස සඳහා පමණක් රජය වෙන් කරන ලද මුදල රුපියල් බිලියන දොළහකි. මීට අමතරව වැඩිහිටි පුද්ගලයන් සහ වකුගඩු රෝගීන්ද ඊට ඇතුළත් කරන ලද අතර ඊට වෙන්කළ මුදල රුපියල් බිලියන තුන හමාරකි. අනතුරුව පසුගිය සතියේදී මෙම ලැයිස්තුව තවදුරටත් පුළුල් කරමින් පෞද්ගලික බස්රථ රියැදුරන්, කරණවෑමියන්, කොන්දොස්තරවරුන්, ත්‍රිරෝද රථ රියැදුරන්, පෙර පාසල් ගුරුවරියන්, පාසල් වෑන් රථ රියැදුරන් සහ ස්වයං රැකියාවල නියුතු පිරිස් ද එක්කරන ලදී. නයන තරංග ගමගේ
 

More News..