brand logo

පත්තිනි දේවාලේ යළිත් හේරත් නිලමේට

12 January 2021

    ඓතිහාසික සෙංකඩගල පුරවර සතර මහා දේවල වලින් එකක් වන ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ නිලවරණය අද(12) උදැසන පැවැත්වුණා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. බස්නායක නිලමේ ධුරයට මෙවර අපේක්ෂකයින් දෙදෙනෙක් .තරග වැදුණු අතර හිටපු බස්නායක නිලමේ හේරත් මුදියන්සේලාගේ ලාල් හේමන්ත බණ්ඩාර හේරත් මහතා සමග ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස තරග වැදුනේ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන ගාමිනී සෙනවිරත්න මහතායි. ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශානක බණ්ඩාරනායක විසින් ලාල් හේමන්ත බණ්ඩාර හේරත් මහතා ගේ නම යෝජනා කළ අතර ගාමිනී සෙනවිරත්න මහාත ගේ නම යෝජනා කළේ ශ්‍රී දලදාමාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල යි. මෙහිදී ඡන්ද 16ක් ලබා ගනිමින් හිටපු බස්නායක නිලමේ හේරත් මුදියන්සේලාගේ ලාල් හේමන්ත බණ්ඩාර හේරත් මහතා නැවත වරක් ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස තේරී පත් වූ අතර ප්‍රතිවාදි අපේක්ෂකයාට ලබා ගත හැකි වූයේ ඡන්ද 11 ක් පමණි.
 

More News..