brand logo

පඩි භාගෙට පී.බී. වැඩ - ලලිත් පඩිය එපා කියයි

30 December 2019

සිය වැටුප් අඩකින් අඩු කර ගැනීමට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර තීරණය කර ඇත. ජනාධිපති ලේකම්වරයකුට විවිධ දීමනා යටතේ රුපියල් ලක්ෂ හතරක පමණ වැටුපක් හිමි වෙයි. එම වැටුප ලක්ෂ දෙක දක්වා අඩුකර ගැනීමට ජනාධිපති ලේකම්වරයා තීරණය කර තිබේ. පසුගිය රජය සමයේ සිටි ජනාධිපති ලේකම්වරු විවිධ කරුණු ඉදිරිපත් කරමින් සිය වැටුප ලක්ෂ හතර දක්වා වැඩිකරගෙන ඇත. ජනාධිපති උපදේශක හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වැටුප් රහිතව සේවය කිරීමට තීරණය කර ඇත. රාජකාරි සඳහා වාහනයක් පමණක් ජනාධිපති කාර්යාලයෙන් ලබාගැනීමට ඔහු තීරණය කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..