brand logo

පටවලවා ගත් ගැසට්ටු ගැන ප්‍රශ්න කරයි

05 May 2021

කටුපොල් සහ පාම් තෙල් සම්බන්ධයෙන් එකම දිනයේ එකම අංකය යටතේ ජනාධිපතිවරයාගේ නමින් ගැසට් නිවේදන දෙකක් ප්‍රකාශයට පත් කළේ කවුදැයි සොයා බලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නැයි කොළඹ දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (04) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. රීති ප්‍රශ්නයක් නගමින් මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය අප්‍රේල් 05 වැනිදා 2222/13 අංකය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රයකින් පාම් තෙල් ආනයනය නතර කර ඇතැයි කීය. ඉහත ගැසට් අංකයෙන් එදිනම නිකුත් කළ තවත් ගැසට් පත්‍රයකින් වගා කර ඇති කටුපොල් ගැලවිය යුතු බවට නියෝග කර ඇතැයිද මන්ත්‍රිවරයා කීවේය. එක දවසක එකම අංකය යටතේ වෙනස් කරුණු ඇතුළත් ගැසට් දෙකක් නිකුත් වන්නේ කෙසේදැයි මන්ත්‍රිවරයා විමසුවේය. මෙය ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ගැසට් දෙකක් බවද කී මන්ත්‍රිවරයා මෙය විශාල වරදක් බවද කීවේය. අජිත් අලහ​කෝන්
 

More News..