brand logo

පාකිස්ථාන සරණාගතයින් නිසා අම්බලන්තොට විරෝධතාවක්

07 May 2019

පාකිස්ථානයෙන් පිටුවහල් කරන ලද සරණාගතයින් පිරිසක් අම්බලන්තොට රිදියගම රජයේ පුනුරුත්තාපන නිවර්තන කඳවුර වෙත රැගෙන ඒමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ අම්බලන්තොට රිදියගම හා ප්‍රදේශ කිහිපයකම ජනතාව 300 කට වැඩි ප්‍රමාණයක් විරෝධතා රැළියක් සංවිධානය කර තිබිණි. අම්බලන්තොට නගරය ඇතුළු ප්‍රධාන විහාරස්තාන කිහිපයකම විහාරාධිපති හිමි වරුන් හා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලන අධිකාරියේද සහයෝගය මෙම විරෝධතාව සදහා ලැබී තිබිණි.කෙසේවෙතත් රට තුල පන නැගී ඇති තත්වය උඩ පනවා තිබෙන හදිසි නීති තත්වය නිසා විරෝධතා රැලි පැවැත්වීම තහනම් වූ බැවින් විරෝධතාවය සදහා එක්රැස් වූ ජනතාව ,විහාරාධිපති හිමිවරුන් හා දේශපාලන අධිකාරිය විරෝධතා රැලිය නවත්වා තම විරෝධතාවය ප්‍රකාශ කර පෙත්සමක් අත්සන් තබමින් රිදියගම නිවර්තන අධිකාරියේ අධ්‍යක්ෂක වෙත භාරදීමටත් එම ලිපියේ කොපි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හා තලතා අතුකෝරාල මහත්මියට ඇතුළු මේ සම්බන්ධව තීරණ ගත හැකි සියලුම රාජ්‍ය ආයතන වෙත යැවීමට කටයුතු කෙරිණි. කෙසේවෙතත් විරෝධතාවය සදහා සහභාගී වූ පිරිස අත්සන් තබන පෙත්සමත් රැගෙන රිදියගම නිවර්තන කදවුර වෙත රිදියගම රජමහා විහාරස්ථානයේ සිට පා ගමනින් පැමිණි අතර ඒ වන විටත් නිවර්තන නිවාසය අවට පොලිස් ආරක්ෂාව තර කර තිබිණි. අම්බලන්තොට පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති වරයාගේ මූලිකත්වයෙන් නිවර්තන කදවුර භාර කරු වෙත පෙතසම භාර දීම සදහා අවස්තාව සැලසුණු අතර භාරදුන් පෙත්සම සම්බන්දයෙන් අදාළ පාර්ශව කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කරන බව රැදවුම් කදවුර භාර නිලධාරීවරයා පැවසීය. එමෙන්ම හෙට දිනයේදී අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා තැබීමට එම ප්‍රදේශයේ වෙළඳ සංගමය තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
 

More News..