brand logo

පකිස්ථානය පරාජය කළ ඕස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

13 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් විය. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 307ක් රැස්කර ගැනීමට සමත් විය. කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර ලකුණු 107ක් රැස්කර ගත්තේය. ඊට අමතරව ආරෝන් ෆින්ච් ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර් කඩුළු 5ක් දවා ගත්තේය. ඉන් අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 266ක් පමණීයි. අනතුරුව පිටියට පැමිණි ඉමාම් උල් හක් ලකුණු 53ක් ලබාගත්තේය.
 

More News..