brand logo

පකිස්තානයේදී හරඹ කළ භානුක සහ ඕෂධ ලංකාවේදී අමතක වෙයි

28 February 2020

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර තිබෙන ශ්‍රී ලංකා සංචිතයෙන් භානුක රාජපක්ෂ, කසුන් රජිත සහ ඕෂධ ප්‍රනාන්දුව ඉවත්කොට තිබේ. ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරය යටතේ පැවැති විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කරා රැගෙන යාමේදී අනුපමේය සේවයක් කළ භානුක සහ ඕෂධ මෙම සංචිතයට ඇතුළත්ව නොසිටීම කැපී පෙනෙන කාරණයක් විය. ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වූ ඉසුරු උදානට යළිත් වරක් මෙම කණ්ඩායමේ අවස්ථාව ලැබී තිබෙන අතර තිසර පෙරේරාද, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් විස්සයි විස්ස සංචිතයට ඇතුළත් වී තිබේ.
 

More News..