brand logo

පක්ෂ නායක රැස්වීමෙන් පාර්ලිමේන්තුව රැස්වෙනවාද නැද්ද තීරණයක් නැහැ

14 November 2018

පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමෙන් කිසිදු තීරණයක් ගැනීමට නොහැකිව අවසන්ව තිබෙනවා. එහිදී මතදෙකක් ඉදිරිපත් වී ඇති අතර, ඒ් අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ රාජ්‍ය පක්ෂයේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තුව අද දිනයේ යළි රැස්විය යුතු බවයි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රය තාවකාලිකව ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා ඇති බැවින් පාර්ලිමේන්තුව රැස්වීමට නීතිමය ඉඩකඩක් නොමැති බවට ආණ්ඩු පක්ෂයේ අදහස වී තිබෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් වූ න්‍යාය පත්‍රය සකස් කිරීම සභාවට පවරා ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
 

More News..