brand logo

පක්ෂෙට 70 පිරෙන දා මෛත්‍රී ලේ දන් දෙන්න යයි

14 October 2021

හිටපු ජනාධිපති දෙවිනුවර ගිහින් අද කළ දේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරස්ථානයේදී අද (14) පෙරවරුවේ සිට ආරම්භ වූ ලේ දන්දීමේ වැඩසටහන සඳහා හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්විය. උදෑසනින්ම දෙවිනුවර පූජාභූමියට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනු නායක දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමියෝ බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. ඉන් පසු විහාරස්ථාන උඩ මළුව වෙත ගිය හිටපු ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවු අතර එහිදී විහාරවාසී ස්වාමීන්වහන්සේලා විසින් සෙත්පිරිත් සජ්ජායනාකොට ආශීර්වාද කළහ. ආගමික වතාවත් වලින් පසු දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයට ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවති දේව පූජාවකට ද එක්විය. ඉන් අනතුරුව ලේ දන්දීමේ කඳුවර වෙත ගොස් එහි කටයුතු වල ට එක්විය. දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකි නිලංග හෙන්දාවිතාරණ මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විසින් ලේ දන්දීමේ වැඩසටහන සංවිධාන කර තිබුණි. ජයසිරි පේදුරුආරච්චි - මාතර
 

More News..