brand logo

නෞකා දෙකක් නාවික සේවයට සමුදෙයි

13 October 2020

නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම සිදු කෙරුණා. එම උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පවත්වා තිබෙනවා. යුධ නෞකාවක් නාවික හමුදා සේවයට එක්වීම රටේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් විශේෂ බලපත්‍රයකින් අධිකාරියට පත් කිරීම මගින් සිදුවනවා. ඒ ආකාරයෙන්ම යුධ නෞකාවක් නාවික සේවයෙන් ඉවත් කිරීමද ජනාධිපතිවරයාගේ විශේෂ අනුමැතියක් සහිතව සිදු වේ. මේ අනුව, ‘වීරයා’ සහ ‘ජගතා’ යුධ නෞකාවන් අධිකාරියෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති' ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ව අනුමැතිය මත සිදු කර ඇත.
 

More News..