brand logo

නෞකා අනතුර සම්බන්ධව නීතිපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

30 May 2021

ගිනි ගැනීමට ලක්වූ "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (30) පෙරවරුවේ පවත්වා තිබේ. එම විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහඳපුර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී ඇත. සාකච්ඡාවෙන් අනතුරුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය තුළ නෞකාව ගිලියාමේ හෝ තෙල් කාන්දුවීමේ අවදානමක් නොමැති බවය. පසුගිය මැයි 23 වැනිදා "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කොළඹ වරාය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. මේ අතර අනතුර සම්බන්ධයෙන් අදාළ නැවෙහි කාර්යය මණ්ඩලයෙන් හෙට (31) දිනයේ ප්‍රකාශ ලබාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
 

More News..