brand logo

නෞකාවේ සුන්බුන් රැස්කළ පුද්ගලයින් සොයා මෙහෙයුම් තවදුරටත්

29 May 2021

මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය තැවරුණ "එක්ස්ප්‍රස් පර්ල්" නෞකා ‍අනතුරින් වෙරළට ගොඩගැසූ අහිතකර ද්‍රව්‍ය එක්රැස් කළ පුද්ගලයින් හඳුනාගැනිම සඳහා බුද්ධි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කර තිබේ. ලැබී තිබෙන වීඩියෝ දර්ශන භාවිතයෙන් එම පුද්ගලයන් හඳුනා ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. පවත්නා කොරෝනා අවධානම සහ සංචරණ සීමා හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීම පසුව සිදුකෙරන බවත් ඔවුනට නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවත් පැවසෙයි. මේ අතර පසුගිය දා අත්අඩංගුවට ගත් ශරීරයට අහිතකර ද්‍රව්‍ය රැස්කළ සැකකරුවන් 08 දෙනා ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇත.
 

More News..