brand logo

නෝර්වේ තානාපතිවරිය සහ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද හමුවෙයි

09 December 2019

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරිය සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ හමුවිය. එහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සුබ පැතුම් ලිපිය ද ඉදිරිපත් කළේය. ඊට අමතරව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සංචාරක, අධ්‍යාපනය සහ ජාවාරම්වලට එරෙහිව සටන් කිරීම යන අංශවල සහයෝගීතාව ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කර තිබේ. මේ අතර මෙරට නෝර්වේ තානාපතිනි Trine Jøranli Eskedal විසින් දෙරට අතර ඇති ‌ෙඑතිහාසික ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබදව සාකච්ඡා කර තිබේ.
 

More News..