brand logo

නෝ(ර්)වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

30 January 2021

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෝ(ර්)වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුලන්දවේල් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාර සභාපතිවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
 

More News..