brand logo

නෝනා වාට්ටුවේ සේවිකාවකට කොවිඩ්

10 October 2020

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. එම සාත්තු සේවීකාව පසුගිය දා කොවිඩ් වෛරසය වැළඳි ඇති බවට තහවුරු වු බිළිඳියට ප්‍රතිකාර සිදුකළ වාර්ටුවේ සේවය කර තිබෙන අතර ඊයේ (09) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණය මගින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේය. මෙම සේවිකාව බොරැල්ල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් පොළක නතරවී සිට රැකියාවට පැමිණ ඇති බවත් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය මාසයක පමණ කාලයකින් සිය නිවසට පවා ගොස් නොමැති බවට තොතුරු ලැබී ඇති බවයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. එම සේවිකාව සේවය කළ රෝහල් වාට්ටුව තුල දැඩි සෞඛ්යාරක්ෂිත වැඩපිළිවලක් ක්රියාත්මක කොට ඇති බවත් කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවයි රෝහල් අධ්යක්ෂකවරයා සඳහන් කරයි.
 

More News..