brand logo

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි - ගමනා ගමන කටයුතු ඇණ හිටි

19 July 2019

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (19) පසව්රු 3 සිට ඇණ හිට ඇත. එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්‍රදේශයෙන් ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ. ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමේ කටයුතු මවුස්සාකැලේ යුධ හමුදා කදවුරේ භට පිරිස්, නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මේ වන විට ආරම්භ කර ඇත. මස්කෙලිය නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ අභියස ගස් විශාල ප්‍රමාණයක් ඇති බැවින් පවතින තද සුලං තත්ත්වයත් සමග ගස් හෝ ගස් අතු ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..