brand logo

නොසැලකිලිමත් කම මත කොරෝනා නැවතත් හිස ඔසවනවා

16 July 2020

සමස්ත ජනතාව ගෙන් සියයට විස්සක් පමණ මුඛ ආවරණ නොපළ දින බව බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. ඊයේ තලංගම පොලිස් බල ප්‍රදේශයේ කොස්වත්ත මංසන්ධියේ මහ මග ගමන් ගන්නා ජනතා ව දැනුවත් කරමින් ඒ මහතා තව දුරටත් පැවසූයේ, "අපි මේ කොරෝනා වසංගතය ක්‍රමානුකූලව මැඩ පැවැත් වූවා .එහෙත් ජනතාවගේ නොසැලකිලිමත් කම මත මෙය නැවතත් හිස ඔසවමින් පවතිනවා. සමස්ත ජනතාවගෙන් මුඛ ආවරණ පළඳින්නේ සියයට අසූවක් පමණයි .ඉතිරි සියයට විස්ස මුඛ ආවරණයක් පැළඳුවත් එයට වැරදි ආකාරයෙන් පළඳිනවා සමාජ දුරස්ථ භාවය තබා ගැනීම බින්දුවටම බැහැලා .මේ හේතුවෙන් මුළු මහත් සමාජය ම අති විශාල අවදානමක ට ලක් වෙලා.අපි ඊයේ දින පමණක් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් බස්නාහිර පළාතෙන් අසූ හත්දාහක් අත් අඩංගුවට ගත්තා .අපි මුඛ ආවරණ නොමැති අයට අද දින මුඛ ආවරණ ලබා දෙනවා.මින් ඉදිරියට නීරෝධායන නීති කඩකරන කඩ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබා දෙනවා" මෙම අවස්ථාවට නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක නුගේගොඩ පොලිස් අධිකාරි මාලින් අජන්ත පෙරේරා තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් සහභාගි වී සිටියහ. අයිරංගි එදිරිසිංහ -කඩුවෙල  
 

More News..