brand logo

නොවැ. 27 සිට ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වන ලකුණු - කාලගුණය

24 November 2019

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර 2019 නොවැම්බර් 27 දින සිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ හේතුවෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 අතර ඉතා තද වර්ෂාපතනයන්ද මුලතිව්, වවුනියාව, අනුරාධපුරය, රත්නපුර, කෑගල්ල, නුවරඑලිය, ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
 

More News..