brand logo

නොවැ. 18 වැනිදා පස්වරු 2.16ට ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙනවා - මහින්ද අමරවීර

13 November 2019

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා පස්වරු 2.16ට ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. තංගල්ල ප්‍රදේශයේ පැවැති රැළියක් අමතමින් ඔහු පැවසුවේ නොවැම්බර් මස 16 වන දින ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 17 වන දින ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කරන බවයි. අනතුරුව 18 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා 7 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමට නැවතක් සාදා ඇති අතර, ඒ අනුව පස්වරු 2.16ට දිවුරුම් දීමට නියමිත බව මහින්ද අමරවීර මහතා පැවසුවේය. ඉන් අනතුරුව තවත් පැය භාගයකින් පසුව තවත් නැකතක් ඇති බවත්, එම නැකතේදී රනිල් වික්‍රමසිංහ පළවා හැර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..