brand logo

නොවැ. 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා

28 January 2019

ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම අදහස් පළ කර සිටියා. ඒ අනුව නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහොත් තමන් මෙලෙස ඉල්ලා අස්වන බවයි ඔහු කියා සිටියේ. ජනාධිපතිවරණය කළින් පැවැත් වීම ගැටළුවක් නොවන බවත්, නොවැම්බර් මස 9 වන දින සිට දෙසැම්බර් මස 9 වන දක්වා වු කාලය තුළ එනම් නොවැම්බර් 10 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට නොහැකි වුවහොත් එයට විරෝධය පළ කිරීමක් ලෙස තමා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් වෙන බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියා. තමාද රටේ පුරවැසියෙක් වන බැවින් එවැනි ප්‍රකාශයක් සිදු කරන බව ද පැවසු දේශප්‍රිය මහතා, තමාගේ හෘද වස්තුවක් මෙම ඡන්දය කල්දැමීම තුළින් වේදනාවට පත්වන බව වැඩිදුරටත් කියා සිටියා.
 

More News..