brand logo

නොවැම්බර් අයවැය දෙකක් පාර්ලිමේන්තුවට

17 October 2020

ලබන වසර අයවැයට අමතරව මේ වර්ෂයට අදාළ අයවැයක්ද ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වේ. ඒ අනුව ලබන නොවැම්බර් 17 වැනිදා අරැඹෙන දෙවැනි සතියේ දී මෙම අයවැය වාර්තා දෙක ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. 2020 වර්ෂය සඳහා 2019 දී අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර ජනපතිවරණය, මහමැතිවරණය හා කොරෝනා ව්‍යාප්තිය ආදිය නිසා විසර්ජනපනත් මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ගෙන ඇත. ඉදිරිපත් කරන අයවැය සඳහා වෙන වෙනම ඡන්ද විමසීම් පැවත්වීමට සූදානම් කර තිබේ. චමින්ද සේනාරත්න    
 

More News..