brand logo

නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද හෙට ගත හැක

04 August 2020

මහමැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නැති අයට අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) දිනයන්හිදී ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ ‘අරුණ’ට පැවැසීය. මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට අනූඅටක ප්‍රමාණයක් බෙදාහැර අවසන් බව ඔහු ප්‍රකාශ කළේය. එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාල හරහා ලබාගැනීමේදී තමාගේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවැසීය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම පසුගිය 29 වැනිදායින් අවසන් වූ අතර රාජාංගණය ප්‍රදේශයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පසුගිය 2 වැනිදා බෙදාහැර අවසන් කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වරුණි පෙරමුණ
 

More News..