brand logo

නොර්වුඩ් ප්‍රා. සභාවේ එ.ජා.පයේ කණ්ඩායම් නායිකාව සභා රැස්විමෙන් ඉවත් කරයි

11 April 2019

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ විශේෂ සභා රැස්විමක් අද (11) එම සභාවේ සභාපති කුලන්දවෙල් රවි මහතාගේ ප්‍රධානත්වයෙන් (ලංකා කම්කරු පක්ෂය ) නොර්වුඩ් පුලියාවත්තේ පිහිටි නොර්වුඩ් ප්‍රාදේශිය සභාප්‍රධාන කාර්යයාලයේ රැස්විම් ශාලාවේ පැවැත්වුණා. නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභා වාර්තාවක් සභා සම්මත කර ගැනිම සදහා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් මෙම විශේෂ රැස්විම අද දින කැදවා තිබුණි. සභාව ආරම්භ විමත් සමගම නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායිකා ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි ජනනි ජානකි විජේවර්ධන මහත්මිය සභාව හමුවේ කියා සිටියේ සභා වාර්තාවක් සම්මත කර ගැනිමට නම් එම වාර්තාව දින හතරකට පෙර ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වෙත ලැබිය යුතු බවයි. අද දින කැදවු විශේෂ රැස්විමට අදාල වාර්තාවන් ඊයේ (10) දින ලැබුණු බවත්, එය කියවා අධ්‍යයනය කිරිමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා අද දින මෙම විශේෂ සභා වාරය පැවැත්විම නිතියානුකුල නොවන බවයි. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩයම් නායිකාවගේ විරෝධය මධ්‍යයේ සභාපතිවරයා විසින් සභා වාර්තාව සභාගත කරන අවස්තාවේ එයට විරෝධය පැ ජනනි ජානකි විජේවර්ධන මන්ත්‍රිවරියව සභාවෙන් ඉවත් කිරිමට සභාපතිවරයා කටයුතු කලා. එහිදි සභාව තුල නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇතිවිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ සිය විරෝධය මධ්‍යයේ සභා ශාලාවෙන් පිටතට පැමිණි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරිය චෝදනා කර සිටියේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ව මර්ධනය කරමින් සභාව පවත්වාගෙන යන බවයි. සභා රැස්විම් ශාලාවෙන් තමන්ව ඉවත් කිරිම සම්බන්ධයෙන් ඉදිරි නිතිමය පියවර ගන්නා බවද ජනනි ජානකි විජේවර්ධන මන්ත්‍රිවරිය කියා සිටියා. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..