brand logo

නොරොච්චෝලේ විදුලි බලාගාර භූමිය තුළ පැල වර්ග 10,000 ක් සිටුවයි

10 December 2018

නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාර භූමිය තුළ සහ බලාගාරයට පිවිසෙන මාර්ගය දෙපස රුක් රෝපනය කිරීමේ වැඩ සටහනක් පසුගිය 09 වැනිදා සිදු කරන ලදි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩ සටහන මීගමුව සිංහ සමාජය විසින් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී කුඹුක්‍,මී,මගුල් කරද ඇතුළු විවිධ පැල වර්ග 10,000 ක් සිටුවීම සිදු කරන ලදි. නොරචෝලේ තාප විදුලි බලාගාරයෙන් ගල් අගුරු කුඩු සහ ගල් අගුරු අළු සුළගට ගසා ගෙන යාම හේතුවෙන් බලාගාරය අවට පදිංචිකරුවන් පසුගිය කාලය තුළ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියේය. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයටද බලපෑම් එල්ල කරන ලදි. එකී තත්ත්වය පාලනය කිරීම සදහා කළ යුතු විකල්පය වන්නේ ස්වාභාවික සුළං බාධකයක් යෙදීම බව පරිසරවේදීන්ගේ මතය වී ඇත.බලාගාර භූමිය තුළ පැල සිටුවීම සිදු කරන ලද්දේ සුළං බාධකයක් ලෙසිනි. ඊට අමතරව බලාගාරයට පිවිසෙන මාර්ගය දෙපසද පැල සිටුවීම මෙහිදී සිදු කරන ලදි. නොරචෝලේ තාප විදුලි බලාගාරය භූමිය තුළ මීගමුව සිංහ සමාජය විසින් මීට පෙරද පැල 5000 ක් රෝපනය කිරීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,සිංහ සමාජය සහ නොරචෝලේ තාප විදුලි බලාගාරයේ සේවක පිරිස එක්ව සිටියේය. ජුඩ් සමන්ත
 

More News..