brand logo

නොමිලේ ඩේටා ලබා දෙනවා යැයි කියලා එන වට්සැප් පණිවිඩයට හසු වෙන්න එපා

03 November 2020

මේ දිනවල නොමිලේ ඩේටා ලබා දෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය හරහා අනිෂ්ට මෘදුකාංග දුරකතනවල ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. මෙම පණිවිඩය සමඟ පැමිණෙන යොමු (link) ක්ලික් කොට එය තවත් සමාජ මාධ්‍ය පරිෂීලකයන් 20කට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දක්වා හුවමාරු කරගෙන ඔබගේ පෞද්ගලික විස්තර ආදිය ලබා දී රජය විසින් ප්‍රධානය කරනු ලබන දත්ත ලබා ගත හැකි බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ දිනවල මෙම පණිවිඩය ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ද තම සිසුන් වෙත කිසිදු සොයා බැලීමකින් තොරව හුවමාරු කොට ගෙන ඇත. ඒ නිසා බොහෝ විශ්ව විද්‍යාල මෙන්ම පාසැල් සිසුන් වැඩි වශයෙන් මෙම වංචනික පණිවිඩයට හසු වි ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ජංගම දුරකතනයට ස්ථාපනය කිරීම,ඔබගේ සංවේදී දත්ත සහ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීම ආදිය සිදු විය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පවසයි.
 

More News..