brand logo

අගෝස්තුවේ සිට නොදිරන ලන්ච්ෂීට් තහනම්

14 July 2021

පොලිතින් වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් භාවිතය අගෝස්තු මස පළමුවනදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම තහනම් කරන අතර දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්පසු නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතා කළ හැක්කේ දිරාපත් වන ජෛව හායනික (Biodegradable) ලන්ච්ෂීට් පමණක් බව ද අමාත්‍යවරයා පවසයි.

Compostable Lunch Sheets | The ECO Films
එමෙන්ම තවදුරටත් නොදිරන ලන්ච් ෂීට් නිපදවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කරන අතර නියෝග නොතකා කිසියම් අයෙක් ඒවා නිපදවීම හා බෙදා හැරීම සිදු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ජෛවහායනික ලන්ච් ෂීට් දැනට නිෂ්පාදනය කිරීම කර්මාන්ත ශාලා 10ක් මගින් සිදු කරන බවත් එම කර්මාන්ත ශාලා මහ ජනතාව නොමග යවමින් නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය කිරීමට උත්සහ කළහොත් ඔවුන්ගේ නිෂ්පාදන බලපත්‍ර තහනම් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය. වහා ම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාන වර්ග 8ක් තහනම් කිරීමේ ලැයිස්තුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අද දින (ජූලි 14) අත්සන් තබන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

තහනම් කෙරෙන නිෂ්පාදන ලැයිස්තුව පහතින්.....

1. වරක් භාවිත කරන ලද බීම බට හා කලතන. 2. තනි භාවිත ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි හා පිහි. 3. පරිමාව 400X500 වලට වඩා අඩු සිලි සිලි බෑග් (සාප්පු බෑග්) 4. ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි 5. පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්. 6. ප්ලාස්ටික් මල්මාලා 7. ප්ලාස්ටික් කෝප්ප 8. ලන්ච් ෂීට්
 

More News..